large ad banner
/
/
title icon තිළිණි ප‍්‍රියමාලිගේ මූල්‍ය වංචාවලට ජානකී සිරිවර්ධන අත්අඩංගුවට.
තිළිණි ප‍්‍රියමාලිගේ මූල්‍ය වංචාවලට ජානකී සිරිවර්ධන අත්අඩංගුවට.
Editor
1 year ago
Share:
තිළිණි ප‍්‍රියමාලිගේ මූල්‍ය වංචාවලට ජානකී සිරිවර්ධන අත්අඩංගුවට.

 

 

තිළිණි ප‍්‍රියමාලිගේ මූල්‍ය වංචා සිදුවීම්වලට අදාළව අත්අඩංගුවට ගත් ක්‍රිෂ් කාල්ටන් සමාගමේ විධායක අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධනගෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ සටහන් කර ගනිමින් පසුවනවා.

ඇය අද දහවල් කොළඹ කොටුවේ පිහිටි එම සමාගමේ කාර්යාලයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ තිලිණි පි‍්‍රයමාලිගේ මූල්‍ය වංචා සිදුවීම්වලට ආධාර අනුබල ලබාදීමේ චෝදනාවට අදාළවයි.

අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධනගෙන් තිලිණි ප්‍රියමාලි සිදුකරන ලද මූල්‍ය වංචාවලට අදාළව ප‍්‍රකාශ සටහන් කර ගැනෙන අතර, මීට පෙර මෙම සිදුවීම්වලට අදාළව ලබා ගත් ප‍්‍රකාශ සම්බන්ධයෙන්ද එහිදී ඇයගෙන් ප‍්‍රශ්න කෙරෙන බව සඳහන්.

ප්‍රකාශ සටහන් කර ගැනීම අද රාත්‍රිය වනතුරුම සිදුවුවහොත් අද දිනයේ ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදුනොකරනු ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

මේ අතර, මුල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු තිළිණි ප‍්‍රියමාලි, ඇගේ පෙම්වතා බවට පැවසෙන ඉසුරු බණ්ඩාර, පුජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන් සහ තිලිණි ප්‍රියමාලිට අයත් සමාගමක අධ්‍යක්ෂවරයෙකු වන කසුන් පෙරේරා මේ වනවිට ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required