/
/
title icon කෝප් සහ කෝපා ඉදිරි සතියේ රැස්වේ.
කෝප් සහ කෝපා ඉදිරි සතියේ රැස්වේ.
Editor
1 year ago
Share:
කෝප් සහ කෝපා ඉදිරි සතියේ රැස්වේ.

 

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව, රජයේ ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කමිටුව ඇතුළු කාරක සභා රැසක් ඉදිරි සතිය තුළ රැස්වීමට නියමිතයි.

ඒ අනුව සීමාසහිත ලංකා ගල් අගුරු පෞද්ගලික සමාගම ලබන 9 වනදා පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා.

එසේම ලබන අඟහරුවාදා කෝපා කමිටුව රැස්වීමට නියමිත අතර එහිදී එළවළු බීජ දේශීයව නිෂ්පාදනය කිරීමේ ප‍්‍රගතියට අදාළ විශේෂ විගණන වාර්තාව පිළිබඳ විමර්ශනය කිරීමට ද නියමිතයි.

එමෙන්ම, සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ කටයුතු කළමනාකරණයට අදාළ විමර්ශනය සඳහා ලබන 11 වනදා කෝපා කමිටුවට අදාළ ආයතන කැඳවා ඇති බව සඳහන්.

 

මේ අතර, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා කිහිපයක් ද ලබන සතියේ රැස්වීමට නියමිතයි.

 

මේ අනුව ලබන 8 වනදා අධිකරණ කටයුතු පිළිබ`ද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අධ්‍යාපන පිළිබ`ද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබ`ද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ද රැස්වනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo