/
/
title icon ආසියානු කලාපය වෙනස් වන්නේ ඇයි?
ආසියානු කලාපය වෙනස් වන්නේ ඇයි?
Editor
1 year ago
Share:
ආසියානු කලාපය වෙනස් වන්නේ ඇයි?

ආසියාව යනු ලෝකයේ අනෙක් රටවල් සමඟ ගත් කල සංස්කෘතියෙන් හා සදාචායෙන් බැඳුණු කලාපයකි. ආසියා කලාපයේ රටවල් ලෙස ශ්‍රී ලංකාව, ජපානය, ඉන්දියාව, තායිලන්තය, වියෙට්නාමය, කොරියාව, ජපානය වැනි රටවල් හඳුනාගත හැකිය. අනෙක් රටවලට වඩා මෙම කලාපයේ රටවල් වෙනස්ය. ආසියානු රටවල ජන ජීවිතය, සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර, ආගම කේන්ද්‍ර කරගත් සමාජයක් පවතී.

  • බුදුදහම – මහායාන, ථෙරවාදි
  • හින්දු දහම – මහා බ්‍රහ්මයා

ආසියා කලාපයේ රටවලට උචිත වූ, ආවේණික වූ සංස්කෘතියක් පවතී. රටකින් තවත් රටකට මේවා වෙනස් වේ. එය විශේෂ කරුණකි.

  • ශ්‍රී ලංකාව අත් දෙක එකතු කර ආචාර කරයි.
  • ජපානය හිස නමා ආචාර කරයි.

මෙවැනි විවිධ වූ කරුණු කාරණා මගින් ඒ ඒ සංස්කෘතික අංග වර්ධනය වී ඇත. බටහිර රටවලට වඩා පවුල මුල් කරගත් සමාජයක් දැකිය හැක. දූ දරු දෙමාපිය සබඳතා ප්‍රබල වේ. විස්තෘත පවුල් ක්‍රමයක් ආසියා කලාපයේ දැකිය හැකිය. මෙකී මානව ගති පැවතුම් ඉතාමත් සංවේදීය. අනෙකා ගැන සිතන, කම්පා වන පිරිසක් මෙහි ඇත. දුක, කණගාටුව හඳුනන පිරිසක් වෙසෙයි. ආගම දහම මුල් කරගත් ඒ වටා තම පැවැත්ම රඳවාගත් කොට්ඨාසයක් මෙම ආසියානු කලාපය ජීවත් වේ.

එසේම ආසියානු සමාජය තුළ ඇත්තේ සමූහාර්ථවාදි සමාජයකි. එනම් සමූහයක් ලෙස තීරණ ගන්නා පවුල මුල් කරගත් බවයි. බටහිර රටවල් මෙයට හාත්පසින්ම වෙනස් ය. පුද්ගලවාදය මුල්කරගත් සමාජයක් එහි දක්නට ඇත. එනම් තමා මූලික කරගත් බවයි. මෙවැනි පැහැදිලි වෙනස්කම් රැසක් මෙම කලාප දෙකෙහි හඳුනාගත හැකි වේ. කෙසේ වෙතත් ආසියානු කලාපයේ රටවල මහජන සම්බන්තාවය යන්න ඈත අතීතයේ පටන් පැවත එන්නෙකි. වර්තමානයේ බටහිර කලාපයේ මෙය වෘත්තියක් බවට පත්කරගෙන ඇත. නමුත් ආසියාතික රටවල ජනතාවට මෙය සහජයෙන් හා පරම්පරාවෙන් උරුම වූ දෙයකි.

  •  උදෑසන පාසල් යන දරුවාගෙන් මඟදී හමුවන පුද්ගලයා “කොහෙද යන්නෙ” කියා විමසන්නේ යන තැනක් නොදැන නොවේ. එය පුරුද්දක් නිසාවෙනි.

ලෝකයේ විශේෂ කලාපයක් ලෙස ආසියානු කලාපය හඳුනාගත හැක්කේ මේ නිසාය. වෙනත් කලාපයක දැකිය නොහැකි මානුෂීය ගුණාංගවලින් පරිපූර්ණ කලාපයක් වේ.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required