/
/
title icon පිටකොටුවේ පළතුරු කඩවලට නරක කල දසාවක්.
පිටකොටුවේ පළතුරු කඩවලට නරක කල දසාවක්.
Editor
1 year ago
Share:
පිටකොටුවේ පළතුරු කඩවලට නරක කල දසාවක්.

 

ආනයනය සීමා කිරීම හේතුවෙන් පිටකොටුවේ පළතුරු වෙළඳසැල් බහුතරයක් මේ වනවිට වසා දමා ඇති බව එක්සත් ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

පළතුරු වෙනුවට ඩුබායි රාජ්‍යයෙන් ගෙන්වූ චොක්ලට් ඇතුළු රසකැවිලි ඒවායේ මේ වනවිට අලෙවිකරන බවයි එම සංගමයේ සභාපති ප‍්‍රදීප් චාල්ස් සඳහන් කළේ.

මේ අතර වෙළදපළේ වාහන මිල ගණන් තවදුරටත් පහළ යමින් පවතින බව වාහන ආනයනකරුවන්ගේ සංගමය ප‍්‍රකාශ කළා.

එසේම සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට සිමෙන්ති අලෙවි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප‍්‍රනාන්දුගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ එම අමාත්‍යංශයේදී පැවැත්වුණා.

ඊට ප‍්‍රධාන සිමෙන්ති නිෂ්පාදන සමාගම්වල නියෝජිතයින් එක්ව සිටි අතර මිල අවම කිරීම සඳහා ගතහැකි විකල්ප ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

එම අවස්ථාවේදී නිෂ්පාදකයන් සඳහන් කර ඇත්තේ ඉල්ලූම පහළ යාමත්, ඇසුරුම් ද්‍රව්‍ය ඇතුළු අමුද්‍රව්‍යවල මිල ඉහළයාමත් සිමෙන්ති මිල ඉහළයාමට හේතු වී ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo