/
/
title icon දිනෙන් දින විනාශ වන පෘථිවියේ හදවත.
දිනෙන් දින විනාශ වන පෘථිවියේ හදවත.
Editor
1 year ago
Share:
දිනෙන් දින විනාශ වන පෘථිවියේ හදවත.

ඉතා ඉහළ ඝනත්වයකින් ගස් වැවී ඇති ප්‍රදේශයක් වනාන්තරයක් ලෙස සරලව නිර්වචනය කළ හැකිය. අතීතයේදී නම් දඩයම් සඳහා වෙන් කෙරුණු ශාක සහිත ප්‍රදේශයක් වනාන්තරයක් ලෙස හඳුන්වා ඇත. විවිධ මිනුම් දඬු අනුව වනාන්තරයක් යන්නට විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇත. මෙම ශාක සමූහයන්, එනම් වනාන්තර පෘථිවියේ විශාල ප්‍රදේශයක් වසා පැතිර ඇති අතර සත්වයින් විශාල ප්‍රමාණයකට වාසස්ථාන සපයා ඇත. එමෙන්ම ජලය ගලා යාම පාලනය සහ පාංශු සංරක්ෂණය ආදී ක්‍රියාවන් මගින් ජෛවගෝලයේ ඉතා වැදගත් අංශ වලින් එකක් නියෝජනය කරනු ලබයි. එමෙන්ම වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් මට්ටම පාලනය කිරීම සම්බන්ධයෙන් ද වනාන්තර වැදගත් වේ. වනාන්තර විනාශ කිරීම හේතුවෙන් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යාම සිදුවේ.

ගසක් වර්ධනය වීමට සුදුසු සෑම ප්‍රදේශයකම වනාන්තර දැකගත හැකිය. සාමාන්‍ය වර්ගීකරණයකට අනුව වනාන්තර තුළ පුලුල් පත්‍ර සහිත ශාක සහ කේතුධර (සිහින්) පත්‍ර සහිත ශාක ලෙස ආකාර දෙකකින් යුක්ත වේ. මින් පුළුල් පත්‍ර සහිත ශාක විශේෂ අනෙක් වර්ගයට වඩා අධිකව දක්නට ලැබේ. වනාන්තරයක් නිරන්තරයෙන් විශාල ජීව සහ ශාක විශේෂ සංඛ්‍යාවකට නිවාස වන අතර එහි එක් ඒකක ප්‍රදේශයක් තුළ දක්නට ලැබෙන ජෛව ස්කන්ධ වෙනත් ශාක සමූහයකින් යුක්ත ස්ථානයක් සමග සසඳන විට අතිශය ඉහළ අගයක් ගනියි.

රටක භූමි ප්‍රමාණයෙන් අවම වශයෙන් 35% ක ප්‍රමාණයක්වත් වන වැස්මක් තිබිය යුතුය. නමුත් රටෙහි අනාගත පරපුර ලෙස අප කනගාටු විය යුතුය. අද අප අතර පවතින්නේ ඉන් 20%ක ප්‍රමාණයක් පමණි. ලංකාවේ වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 1736628 කි. හෙක්ටයාර 142954ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා හෙක්ටයාර 314674ක් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වේ.

යටත්විජිත සමයේ ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 70%කට අධික ප්‍රමාණයක් පැවත ඇත. අද වන විට විවිධ හේතූන් නිසා 20% ක ටත් අඩු ප්‍රමාණයක් දක්වා වන ඝනත්වය ක්ෂය වී ඇත. මෙසේ වනාන්තර විනාශ වීමට බලපෑ හේතු කිහිපයක් වෙයි. යටත් විජිත පාලන සමයේ දී තේ හා කෝපි වගාවන් ස්ථාපනය කිරීම සඳහා කළ වන විනාශය, නාගරීකරණය, විවිධ සංවර්ධන කටයුතු, අවිධිමත් ඉඩම් පරිහරණය, ආර්ථික වනවගා, කැලෑ ගිනි තැබීම, සංරක්ෂණය ක්‍රියාවලියේ තිබෙන අඩුලුහුඬුතා වැනි හේතු ප්‍රධාන වේ.

ගෙවී ගිය වසර 100 තුළ වන විනාශය නිසා මෙරටින් වඳ වී ගිය ශාක සහ සත්ත්ව විශේෂ පිළිබඳ තොරතුරු ලේඛනගත වී නැත. වන විනාශය ශාක වඳවීමට පමණක්ම හේතු නොවන අතර ඒ ආශ්‍රිතව ජීවත් වන ජීවීන්ගේ ජීවිත තර්ජනයට ද හේතු වෙයි. ගෙවුණු වසර 100 තුළ තෝරා ගත් ශාක 1099ක් අතුරින් ශාක විශේෂ 72ක් වද වී ගිය ශාක ලෙස නම් කර ඇත. මේ ශාක විශේෂ අතරින් 60%ක් මෙරටට ආවේණික ශාක වේ.

සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස දැව මත පදනම් වූ කර්මාන්ත ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ආදායම ඉහළ නැංවීම සඳහා දැව ගැනීම ජාතික ආර්ථිකය ප්‍රධාන කොටසක් ලෙස දැක්විය හැකිය. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව 2005 වසරේ අග භාගයේ සිට සෑම වසරකදීම ප්‍රාථමික වනාන්තරයන්ගේ වන ආවරණයෙන් 1ක ප්‍රමාණයකින් අහිමිවන රටවල් අතර සිව්වන ස්ථානය බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. මෙවැනි හේතුන් මත වන විනාශය පිළිබඳ ගැටලුව ශ්‍රී ලංකාව තුළ වර්ධනය වී තිබේ.

එමෙන්ම වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ නිවර්තන වියළි වනාන්තර ආශ්‍රිතව බහුලව දක්නට ලැබෙන කැලෑ ගිනි තැබීම් මෙරට වන විනාශය සිදුවීමට බලපානු ලබන තවත් එක් ප්‍රධාන හේතුවක් ලෙස දැක්විය හැකිය. දශකයක පමණ කාලයක සිට මෙරට තුළ සෑම වසරකම පාහේ විවිධ ප්‍රදේශවලින් කැලෑ ගිනි තැබීම් වාර්තා වන අතර එමගින් පසේ සාරවත් බව ජෛව විවිධත්වය හා පරිසර පද්ධතියන් ආදියට හානි සිදුවීමෙන් මෙන්ම ඇතැම් වනන්තර වල ගුණාත්මකභාවය අඛණ්ඩව පහත වැටීමට හේතු වී ඇත.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo