 
                            අද (15) දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල බොහෝවිට වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
භාග්‍යා බණ්ඩාර.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                