large ad banner
/
/
title icon අන්තරේ කැඳවුම්කරු වසන්තගෙන් සහ සිරිධම්ම හිමියන්ගෙන් ප‍්‍රකාශ ගැනීමට පොලිසීයට අවසර.
අන්තරේ කැඳවුම්කරු වසන්තගෙන් සහ සිරිධම්ම හිමියන්ගෙන් ප‍්‍රකාශ ගැනීමට පොලිසීයට අවසර.
Editor
1 year ago
Share:
අන්තරේ කැඳවුම්කරු වසන්තගෙන් සහ සිරිධම්ම හිමියන්ගෙන් ප‍්‍රකාශ ගැනීමට පොලිසීයට අවසර.

දැනට රැඳවුම් නියෝග යටතේ සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ගෙන් සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට පොලිසිය කළ ඉල්ලීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

කොම්පඤ්ඤවීථිය පොලිසිය කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කියා සිටියේ අධිකරණ නියෝග නොතකමින් පසුගිය අගෝස්තු මස 19 වැනිදා කැලණිය විශ්වවිද්‍යාලයේ සිට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනක් සංවිධාන කර තිබූ බවයි.

ඒ අනුව එම පාගමන සම්බන්ධයෙන් දැනට රැඳවුම් නියෝග යටතේ සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේගෙන් සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ගෙන් ප‍්‍රකාශ ලබාගත යුතු බවටයි පොලිසිය කොටුව මහේස්ත‍්‍රාත්වරයාගෙන් ඊයේ ඉල්ලීමක් කළේ.

එම ඉල්ලීම සලකා බලමිනුයි කොටුව මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට ඔවුන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට අවසර ලබාදුන්නේ.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required