large ad banner
/
/
title icon බැසිල් රාජපක්ෂ අමෙරිකාවේ සිට යළිත් ඉරිදා දිවයිනට.
බැසිල් රාජපක්ෂ අමෙරිකාවේ සිට යළිත් ඉරිදා දිවයිනට.
Editor
1 year ago
Share:
බැසිල් රාජපක්ෂ අමෙරිකාවේ සිට යළිත් ඉරිදා දිවයිනට.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන ඉරිදා යළි දිවයිනට පැමිණීමට නියමිතයි.

එම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ඉන් අනතුරුව ඔහු යළි දේශපාලන කටයුතු ආරම්භ කිරීම සඳහා කටයුතු කරනු ඇති බවයි. එදිනම රාත‍්‍රියේ බැසිල් රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් මුණගැසීමටද නියමිතව තිබෙනවා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය සැප්තැම්බර් 9 වනදා උදෑසන ඇමරිකාව බලා පිටත්ව ගියා. ඒ, ලබන වසරේ ජනවාරි මස 15 වැනිදා තෙක් විදේශ ගතවීම සදහා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලද අවසරය මතයි.

වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට සහ පෞද්ගලික හේතූන් මතයි මෙලෙස ඔහු ඇමරිකාව බලා පිටත්ව ගියේ.

පසුගිය ජුලි 09 වනදා ඔහු විදෙස්ගතවීම සදහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණිය ද එවකට පැණනැගුණු ජනතා විරෝධය හමුවේ එම සංචාරය අවලංගු කිරීමට සිදුවුණා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required