large ad banner
/
/
title icon පාකිස්තානයේ බස් රථ අනතුරකින් ළමයින් 11 ක් ඇතුළු 20 ක් මරුට.
පාකිස්තානයේ බස් රථ අනතුරකින් ළමයින් 11 ක් ඇතුළු 20 ක් මරුට.
Editor
1 year ago
Share:
පාකිස්තානයේ බස් රථ අනතුරකින් ළමයින් 11 ක් ඇතුළු 20 ක් මරුට.

දකුණුදිග පාකිස්තානයේ සිදුවූ බස් රථ අනතුරකින් ළමයින් 11 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අබලන් මාර්ගයක තිබූ ගැඹුරු වතුර වලකට අදාළ බස් රථය වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය ළමයින් අවුරුදු දෙකත් අටත් අතර වයසේ පසුවන්නන් බව සඳහන්. අනතුරෙන් තවත් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මාර්ග අනතුරුවලින් ලොව ඉහළම මරණ අනුපාතයක් පෙන්නුම් කරන රටක් ලෙස පාකිස්තානය සැලකෙන අතර එරට මාර්ග දැඩි ලෙස අබලන්ව පැවතීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2018 වසර තුල පාකිස්තානයේ මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 27,000 කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required