large ad banner
/
/
title icon බැසිල් යළි දිවයිනට – පිළිගන්න පොහොට්ටුවේ ප‍්‍රබලයන් – ගුවන් තොටුපලටත් දැඩි ආරක්ෂාවක්.
බැසිල් යළි දිවයිනට – පිළිගන්න පොහොට්ටුවේ ප‍්‍රබලයන් – ගුවන් තොටුපලටත් දැඩි ආරක්ෂාවක්.
Editor
1 year ago
Share:
බැසිල් යළි දිවයිනට – පිළිගන්න පොහොට්ටුවේ ප‍්‍රබලයන් – ගුවන් තොටුපලටත් දැඩි ආරක්ෂාවක්.

 

දිවයිනට පැමිණි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පිළිගැනීම සඳහා එම පෙරමුණ නියෝජනය කරන ප‍්‍රබල මැති ඇමතිවරුන් රැසක් අද ගුවන් තොටුපලට පැමිණ තිබුණා.

බැසිල් රාජපක්ෂ අද උදෑසන 8.30 ට පමණ දිවයිනට පැමිණියේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 650 දරන යානයෙන්.

මෙම අවස්ථාවට අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග, පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, එස්.එම්. චන්ද්‍රසේන, පවිත‍්‍රා වන්නිආරච්චි මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, ප‍්‍රසන්න රණවීර, සනත් නිශාන්ත සහ ශාන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ ගුවන් තොටුපල පරිශ‍්‍රයේ අද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක‍්‍රියාත්මක කර තිබූ බවයි.

එමෙන්ම අද රාත‍්‍රියේම බැසිල් රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් මුණගැසීමටද නියමිතව තිබෙනවා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය සැප්තැම්බර් 9 වනදා උදෑසන ඇමරිකාව බලා පිටත්ව ගියා.

ඒ, ලබන වසරේ ජනවාරි මස 15 වැනිදා තෙක් විදේශ ගතවීම සඳහා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලද අවසරය මතයි.

වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට සහ පෞද්ගලික හේතූන් මතයි මෙලෙස ඔහු ඇමරිකාව බලා පිටත්ව ගියේ.

පසුගිය ජුලි 09 වනදා ඔහු විදෙස්ගතවීම සදහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියද එවකට පැන නැගුණු ජනතා විරෝධය හමුවේ එම සංචාරය අවලංගු කිරීමට සිදුවුණා

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required