large ad banner
/
/
title icon සංචාරක වීසාවලින් 5,000 ක් ඩුබායි රාජ්‍යයට.
සංචාරක වීසාවලින් 5,000 ක් ඩුබායි රාජ්‍යයට.
Editor
1 year ago
Share:
සංචාරක වීසාවලින් 5,000 ක් ඩුබායි රාජ්‍යයට.

සංචාරක වීසා මත විදේශ රැකියා සඳහා මෙරටින් 5,000කට වැඩි පිරිසක් ඩුබායි රාජ්‍ය වෙත ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ගිය ඇතැම් පිරිස් සිය සංචාරක වීසා බලපත‍්‍රය රැකියා වීසා බලපත‍්‍රයක් ලෙස සකස් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, විදේශ රැකියා ලබා දෙන බව පවසමින් ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයේ ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරම පිළිබඳව මේ වනවිට තවත් තොරතුරු හෙළිවෙමින් පවතිනවා.

මෙම සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන තැරැව්කරු සහ උප තැරැව්කරු මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

කෙසේ වෙතත්, දැනට ඩුබායි රාජ්‍ය වෙත ගොස් විවිධ සිද්ධීන් හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින කාන්තාවන් ඇතුළු පුද්ගලයින් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංක‍්‍රමණික වැඩසටහන හරහා කටයුතු කරන බවයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය කියා සිටියේ.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required