/
/
title icon දුමින්ද දිසානායකට විනය පියවර – තිලංග පිළිනොගන්නා බව සන්ධානයේ පක්ෂ කියයි.
දුමින්ද දිසානායකට විනය පියවර – තිලංග පිළිනොගන්නා බව සන්ධානයේ පක්ෂ කියයි.
Editor
1 year ago
Share:
දුමින්ද දිසානායකට විනය පියවර – තිලංග පිළිනොගන්නා බව සන්ධානයේ පක්ෂ කියයි.

පක්ෂ තීරණයට පටහැනිව අයවැයට පක්ෂව ඡුන්දය ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායකට එරෙහිව විනය පියවර ගන්නා බව නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිිරිසේන ප‍්‍රකාශ කළා.

මේ අතර, පසුගියදා පැවති නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණ විධායක සභාවට ඉදිරියේදී ඉදිරිපත් කර එහි අනුමැතිය ලබාගැනීම සඳහා කටයුතු කරන බවද අදාළ මාධ්‍ය හමුවේදී මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර කියා සිටියා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ පාර්ලිමේන්තුවේ කණ්ඩායම් ගණනාවක් සමඟ සන්ධාන ගතවීම සඳහා දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බවයි.

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල පිළි නොගන්නා බව එම සන්ධානය නියෝජනය කරන හවුල්කාර පක්ෂ නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළා. මහජන එක්සත් පෙරමුණ, ජාතික කොංග‍්‍රසය, දේශවිමුක්ති ජනතා පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ ඊලාම් ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ඊට අත්සන් කර තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required