large ad banner
/
/
title icon පොළොන්නරුවේ මෝලකට රැගෙන යමින් තිබූ ගුල්ලන් සහිත වී කිලෝ 16,000 ක් අල්ලයි.
පොළොන්නරුවේ මෝලකට රැගෙන යමින් තිබූ ගුල්ලන් සහිත වී කිලෝ 16,000 ක් අල්ලයි.
Editor
1 year ago
Share:
පොළොන්නරුවේ මෝලකට රැගෙන යමින් තිබූ ගුල්ලන් සහිත වී කිලෝ 16,000 ක් අල්ලයි.

පොළොන්නරුවේ ප‍්‍රධාන පෙළේ වී මෝලක් වෙත ප‍්‍රවාහනය කරමින් තිබූ ගුල්ලන් සහිත වී කිලෝග‍්‍රෑම් 16,000 ක් සමඟ ලොරි රථයක් වවුනියාව – ප‍්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ භාරයට ගෙන තිබෙනවා.

ඊයේ සිදුකළ හදිසි පරීක්ෂාවකදී මෙම වී තොගය සොයාගෙන ඇති අතර, වවුනියාවේ පෞද්ගලික ගබඩාවක සිට මේවා සහල් බවට පත් කර අලෙවි කිරීම සඳහා සූදානම් කිරීමට රැගෙන යමින් සිට ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ලොරි රථයේ රියදුරුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු සඳහන් කර ඇත්තේ ගුල්ලන් සහිත මෙම වී තොගය පොළොන්නරුව ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ වී මෝලක් වෙත ප‍්‍රවාහනය කරමින් සිටි බවයි.

රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද අදාළ වී තොගය සමඟ වවුනියාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර අම්පාර, ලාහුගල සහ හුළංනුගේ ප‍්‍රදේශවල යළි සේනා දළඹු ව්‍යාප්තිය පවතින බව ගොවීන් පවසනවා. මේ හේතුවෙන් අක්කර දහස් ගණනක වගා හානි සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර බඩඉරිඟු සහ වී සඳහා යෙදීමට ලබාදෙන්නේ එකම පොහොර වුවද, ඒවා අලෙවි කරනු ලබන්නේ මිල ගණන් දෙකක් යටතේ බවටද ගොවීන් චෝදනා කරනවා.

මේ අතර ප‍්‍රමිතියෙන් තොර පොහාර අලෙවි කළ පුද්ගලයින් හයදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අම්පාර – නින්දවූර් – අට්ටපලන් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රජයෙන් නිකුත් කරනු ලබන එම්. ඕ.පී. පොහොරවලට ලූණු මිශ‍්‍ර කර, අලෙවි කිරීම සඳහා යළි ඇසුරුම් කර තිබූ පොහොර කිලෝග‍්‍රෑම් 38,650 ක තොගයක් මොවුන් සතුව තිබී සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required