/
/
title icon වැඩිහිටියන් සහ ළමයින් ක්ෂණික ආහාර සහ පැණි බීම භාවිතය පහත දමයි.
වැඩිහිටියන් සහ ළමයින් ක්ෂණික ආහාර සහ පැණි බීම භාවිතය පහත දමයි.
Editor
1 year ago
Share:
වැඩිහිටියන් සහ ළමයින් ක්ෂණික ආහාර සහ පැණි බීම භාවිතය පහත දමයි.

මෙරට ළමයින්ගේ සහ වැඩිහිටියන්ගේ අධි බර සහ ස්ථුලතාව අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශය සිදුකළ සමීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ ක්ෂණික ආහාර සහ පැණි බීම භාවිතය විශාල ලෙස පහත වැටීමද ඊට හේතු වී ඇති බවයි.

එසේම, ජනතාවගේ ක්‍රියාශීලි බව ඉහළ යෑමද මෙම තත්ත්වයට බලපා ඇති බව සඳහන්.

වියදම් ඉහළ යාම හමුවේ ක්ෂණික ආහාර ලබා නොගැනීම, පැණි බීම භාවිතය අඩු කිරීම මෙන්ම කෙටි ගමන් සඳහා කුලී රථ යොදා නොගැනීම වැනි කටයුතු පුද්ගලයින්ගේ ශරීර සෞඛ්‍යයට යහපත් ආකාරයෙන් බලපෑම් එල්ල කර ඇති බවයි එම සමීක්ෂණයේදී හෙලිව ඇත්තේ. දෙමව්පියන් දරුවන්ට ක්ෂණික ආහාර ලබා නොදී නිවසේදීම සාදා ගන්නා ආහාර, කොළ වර්ග ලබාදීමට පියවර ගන්නා ආකාරායද මෙහිදී නිරීක්ෂණය කර තිබෙනවා.

දිවයින ආවරණය වන පරිදි ග‍්‍රාමසේවා නිලධාරී කොට්ඨාශ 105 ක් යොදා ගනිමිනුයි මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ.

බෝ නොවන රෝග වළක්වා ගැනීම සඳහා වන ප‍්‍රයත්නයට මෙම තත්ත්වය ඵලදායී ලෙස දායකත්වයක් දක්වනු ඇති බවයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශය සඳහන් කළේ. ඒ අනුව දරුවන්ට දියවැඩියාව වැළඳීම සහ අක්මාවේ තෙල් එකතු වීම වැනි රෝග පාලනය සඳහා මෙම තත්ත්වය ඉදිරියේදී ඉවහල් වනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required