/
/
title icon අනියම් සැමියා දියණිය රැ‌ගෙන ගොස් ඇති බවට මවගෙන් පැමිණිල්ලක්.
අනියම් සැමියා දියණිය රැ‌ගෙන ගොස් ඇති බවට මවගෙන් පැමිණිල්ලක්.
Editor
1 year ago
Share:
අනියම් සැමියා දියණිය රැ‌ගෙන ගොස් ඇති බවට මවගෙන් පැමිණිල්ලක්.

වයස අවුරුදු 13 ක් වන තම දියණිය දින 33 ක කාලයක සිට අතුරුදන් බවට අම්පාර-ඉඟිනියාගල දේවාලහිඳ ප‍්‍රදේශයේ මවක් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

නිසි දැනුවත් කිරීමකින් තොරව තම අනියම් සැමියා විසින් පසුගිය ඔක්තෝම්බර් මස 23 වනදා සිට දැරිය රැගෙන ගොස් ඇති බවටයි ඇය පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ විවාහ වී පදිංචි වී සිටි දැරියගේ මව තම දරුවන් සිව්දෙනාගෙන් තිදෙනෙකු රැගෙන පසුගිය මැයි මාසයේ ඉඟිනියාගල-දේවාලහිඳ ප‍්‍රදේශයට පැමිණ සැකකරු සමඟ ජීවත් වී තිබෙනවා.

එම කාලය අතරතුර ඇයගේ වයස අවුරුදු 13 ක දියණිය නීත්‍යානුකූල සැමියා සමඟ ඇඹිලිපිටියේ ජීවත්ව ඇත්තේ ඇය ජාත්‍යන්තර පාසලක ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීම හේතුවෙනුයි.

අදාළ දියණිය තම මව සහ අනෙකුත් සහෝදර සහෝදරියන් සමඟ දුරකථනය ඔස්සේ සබඳතා පවත්වා ඇති අතර එම එක් අවස්ථාවක දැරියට ඔවුන් බැලීම අවශ්‍ය බව ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව පියාගේ ද අවසරය මත දැරිය මව ජිවත් වූ ඉඟිනියාගල දේවාලහිඳ ප‍්‍රදේශයට පැමිණ තිබුණේ පසුගිය ඔක්තෝම්බර් මස පළමු සතියේයි.

කෙසේ වෙතත් දැරිය පසුගිය ඔක්තෝම්බර් 23 වනදා සිට අතුරුදන් බවට දැරියගේ මව ඊට දින දෙකකට පසු එනම් ඔක්තෝම්බර් 25 වනදා ඉගිනියාගල පොලීසියට පැමිණිලි කර තිබුණා.

ඒ අනුව, දැරිය සහ සැකකරු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර, සැකකරු දැරිය රැගෙන ප‍්‍රදේශයෙන් පලාගොස් සැගවී සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය ඉල්ලමින් අද ඔහුගේ ඡායාරූපයක් ද සමග පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කළා.

සැකකරු 2019 වසරේදී ද වයස අවුරුදු 8 ක දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් දඹගල්ල පොලිස් වසමෙන් වාර්තා වී ඇති බවයි ඉ`ගිනියාගල පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මේ අතර පසුගිය දිනක අදාළ සැකකරු දැරියගේ මවට දුරකථන ඇමතුමක් ලබාදෙමින් දැරිය තමා සමග සිටින බවට දැනුම්දී ඇති අතර එම අංකයෙන්ම දැරිය ද මවට ඇමතුමක් ලබාදෙමින් තමන් හො`දින් සිටින බව ප‍්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, මේ වනවිට අදාළ දුරකථනය කි‍්‍රයා විරහිතව පවතින බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු මීට පෙර කාන්තාවන් දෙදෙනෙකු සමග විවාහ වී සිට ඇති අතර, ඔවුන්ට ද වැඩිමහල් දරුවන් සිටින බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණා.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo