/
/
title icon අද තරගය ශ‍්‍රී ලංකාවට තීරණාත්මකයි.
අද තරගය ශ‍්‍රී ලංකාවට තීරණාත්මකයි.
Editor
1 year ago
Share:
අද තරගය ශ‍්‍රී ලංකාවට තීරණාත්මකයි.

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිත දෙවන එක්දින තරගය ජයග‍්‍රහණය කිරීම ශ‍්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක වනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

තරග තුනකින් සමන්විත පළමු තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 60 කින් ජයගත් අතර, අද තරගය ජයගතහොත් ඇෆ්ගනිස්ථානය හමුවේ ශ‍්‍රී ලංකාවට පළමු වරට එක්දින තරගාවලි පරාජයකට මුහුණදීමට සිදුවනු ඇති.

ඒ අනුව අද තරගය ජයග‍්‍රහණය කිරීම සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය උපරිමය යොදවනු ඇති බවයි ක‍්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required