/
/
title icon ඉඟිනියාගලදී අතුරුදන් වූ දැරිය රත්නපුරයෙන් සොයා ගැනේ.
ඉඟිනියාගලදී අතුරුදන් වූ දැරිය රත්නපුරයෙන් සොයා ගැනේ.
Editor
1 year ago
Share:
ඉඟිනියාගලදී අතුරුදන් වූ දැරිය රත්නපුරයෙන් සොයා ගැනේ.

දින 30 කට අධික කාලයක් අතුරුදන් වී සිටි 13 හැවිරිදි දැරිය සහ එම දැරිය රඳවාගෙන සිටි බව කියන සැකකරු රත්නපුර – ලෙල්ලොපිටිය ප‍්‍රදේශයේ කුළී නිවසක සිටියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ, එම අතුරුදන්වීම සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ වාර්තා වීමෙන් පසු ලෙල්ලොපිටිය ප‍්‍රදේශයේ ගම්වාසීන් සිදුකළ දැනුම්දීමක් අනුවයි.

සැකකරු සහ දැරිය රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ ඉඟිනියාගල පොලිසීය වෙත භාර දීඇත්තේ වැඩිදුර විමර්ශන සඳහායි. ඒ අනුව ඊයේ පස්වරුවේ සැකකරු අම්පාර මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ බවයි  වාර්තා වන්නේ.

වයස අවුරුදු 13 ක් වන තම දියණිය අතුරුදන් බවට අම්පාර-ඉඟිනියාගල දේවාලහිඳ ප‍්‍රදේශයේ මවක් පොලිසියට පැමිණිලි කර තිබුණා. නිසි දැනුවත් කිරීමකින් තොරව තම අනියම් සැමියා විසින් පසුගිය ඔක්තෝම්බර් මස 23 වනදා සිට දැරිය රැගෙන ගොස් ඇති බවටයි ඇය පොලිසියට පැමිණිලි කර තිබුණේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo