/
/
title icon දුම්රියට පැනීමට ගිය අයෙකු මැදිරි අතරින් පලා යයි.
දුම්රියට පැනීමට ගිය අයෙකු මැදිරි අතරින් පලා යයි.
Editor
1 year ago
Share:
දුම්රියට පැනීමට ගිය අයෙකු මැදිරි අතරින් පලා යයි.

ගාලූ කුමාරි දුම්රියට පැන දිවි නසාගැනීමට තැත් කළ බවට සැකකරන පුද්ගලයෙකු පසුව දුම්රිය මැදිරි අතරින් පලායනු දුටු පුවතක් ඊයේ වාර්තා වුණා.

අප වාර්තාකරු සඳහන් කළේ ගාල්ල – කොග්ගල කඬේ මංසන්ධිය ආසන්නයේදී මෙය සිදුව ඇති බවයි.

මරදානේ සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය රියදුරන් අදාළ පුද්ගලයා දුම්රිය මාර්ගය හරහා සිටිනු දැකීමත් සමඟ වේගය අඩුකර තිබෙනවා.

පසුව දුම්රිය මැදිරි කිහිපයක් ඔහු සිටි ස්ථානය පසුකර ගියත්, දුම්රිය නැවතුණු පසු එකවරම අදාළ පුද්ගලයා දුම්රිය මැදිරි අතරින් පිටතට පැමිණ දිවගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo