/
/
title icon ජාවාරම්කරුවන්ට හසුනොවන්නැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්.
ජාවාරම්කරුවන්ට හසුනොවන්නැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්.
Editor
1 year ago
Share:
ජාවාරම්කරුවන්ට හසුනොවන්නැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්.

මුතුරාජා හස්තියා නමින් මුදල් එකතු කරන ජාවාරම්කරුවන්ට හසුනොවෙන ලෙස ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

අලූ‍ත්ගම කන්දේ විහාරයේ සිටි මුතුරාජා හස්තියා මේ වනවිට දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිටිනවා.

මුතුරාජා හස්තියාට අවශ්‍ය ආහාර සහ ප‍්‍රතිකාර සඳහා අවශ්‍ය සියලූ‍ වියදම් දරණ බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එබැවින් කිසිවෙකුගේ ආධාර හෝ මුදල් ඒ සඳහා අවශ්‍ය නොවන බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

එහෙත් කිසියම් පිරිසක් මුතුරාජා හස්තියාට ප‍්‍රතිකාර හා ආහාර ලබාදීමට යැයි පවසමින් මුදල් එකතු කිරීමේ ජාවාරමක් සිදුකරන බවට වාර්තා වන බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ හේතුවෙන් එම ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙස ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required