/
/
title icon ලබන මාසයේ සිට විදුලි පාරිභෝගිකයන්ට අලුත් බිලක්.
ලබන මාසයේ සිට විදුලි පාරිභෝගිකයන්ට අලුත් බිලක්.
Editor
1 year ago
Share:
ලබන මාසයේ සිට විදුලි පාරිභෝගිකයන්ට අලුත් බිලක්.

ලබන මාසයේ සිට විදුලි පාරිභෝගිකයන්ට කඩදාසි බිල්පත් නිකුත් නොකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, විදුලිබල මණ්ඩලයේ ප‍්‍රධානීන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර පැවති සාකච්ඡාවකදීයි.

වියදම් අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව, ජනවාරි මාසයේ සිට විදුලි බිල් සහ ගෙවුම් සහතික මාර්ග ගත ක‍්‍රමයෙන් පමණක් ලබාදීමටයි තීරණය වී ඇත්තේ.

එමෙන්ම, වීථි ලාම්පු සවි කිරීම සහ කි‍්‍රයාත්මක කිරීම නියාමනය කිරීමටත් එම සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.

මීට අමතරව, විදුලිබල මණ්ඩලයේ 2021 වර්ෂයේ වැඩ ආරම්භ කර ඇති නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය වී ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required