ජනතාවට ඉවසීමෙන් කටයුතු කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉල්ලීමක් කරනවා.
2023 වසරේ අයවැය ධනාත්මක අයවැයක් බැවින් ජනතාවට ඉදිරියේදී සහන ලැබෙනු ඇති බවයි ඔහු කියා සිටියේ.
අනුරාධපුර පුදබිමට පැමිණ හිටපු ජනාධිපතිවරයා, අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලෙගම හේමරතන හිමියන් බැහැදැක ඊයේ ආශිර්වාද ලබා ගත්තා.
අනතුරුව, රුවන්වැලි මහාසෑ පුදබිම වෙත පැමිණි හිටපු ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.