/
/
title icon
සේනා අනුරාධපුරයේ, බඩඉරිඟු අක්කර 1500 ක් වනසයි.
සේනා අනුරාධපුරයේ, බඩඉරිඟු අක්කර 1500 ක් වනසයි.
News Editor
3 years ago
Share:
සේනා අනුරාධපුරයේ, බඩඉරිඟු අක්කර 1500 ක් වනසයි.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පලූගස්වැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොරිවිල ප‍්‍රදේශයේ අක්කර 1500 ක පමණ බඩ ඉරිඟු වගාව සේනා දළඹුවන් විනාශ කර ඇති බව ගොවි ජනතාව පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් වෙළඳපලේ ඇති කෘමිනාශක භාවිත කළද ඉන් ඵලක් නොවන බවත් ඔවුන් සඳහන් කළා.

එමෙන්ම, අයහපත් කාලගුණය හේතුවෙන් දකුණු ඇතුළු පළාත් රැසක ගොවි බිම්වලට හානි සිදුව ඇති බැවින් ඒ සඳහා ගොවි ජනතාවට වන්දි මුදලක් ලබාදීමට කටයුතු කරන ලෙස මහාවාරි ගොවි සංවිධානයේ ප‍්‍රධාන ලේකම් පුංචිරාළ රත්නායක රජයෙන් ඉල්ලීමක් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required