/
/
title icon
නාවික හමුදාව යාපනයට ඔබ්බෙන් අනතුරට ලක්වූ යාත‍්‍රාවේ සිටි මියන්මාර ජාතිකයන් බේරා ගනී.
නාවික හමුදාව යාපනයට ඔබ්බෙන් අනතුරට ලක්වූ යාත‍්‍රාවේ සිටි මියන්මාර ජාතිකයන් බේරා ගනී.
News Editor
2 years ago
Share:
නාවික හමුදාව යාපනයට ඔබ්බෙන් අනතුරට ලක්වූ යාත‍්‍රාවේ සිටි මියන්මාර ජාතිකයන් බේරා ගනී.

යාපනයට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවේදි අනතුරට ලක්වූ යාත‍්‍රාවේ සිටි මියන්මාර ජාතිකයන් 140 දෙනා බේරාගෙන තිබෙනවා. ඒ නාවික හමුදාවේ විශේෂ මෙහෙයුමකින් පසුවයි.

මෙම යාත‍්‍රාව අනතුරට ලක්ව ඇති බවට ඊයේ පස්වරුවේ නාවික හමුදාව වෙත දැනුම්දී ඇත්තේ මෙරට ධීවර යාත‍්‍රාවක් මගින්. පසුව නාවික හමුදාව සිය මෙහෙයුම් යාත‍්‍රා පහක් අනතුරට පත් යාත‍්‍රාව බේරාගැනීම සඳහා යොමුකර තිබුණා.

උදාර නෞකාවද ඊට ඇතුළත්. බේරාගත් මියන්මාර ජාතිකයන් පිරිස මේ වනවිට යාපනය – මයිලිට්ටි වරාය වෙත රැගෙන එමින් පවතින බවයි නාවික හමුදාව සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required