/
/
title icon ට්විටර් ගැන ඔබ නොදත් දේ
ට්විටර් ගැන ඔබ නොදත් දේ
Editor
1 year ago
Share:
ට්විටර් ගැන ඔබ නොදත් දේ

වර්තමානයේ ලොව වැඩිම දෙනෙක් පිවිසෙන වෙබ් අඩවි 10 අතරින් එකක් ලෙස ටුවිටර් මාධ්‍ය හැදින්විය හැක. මෙමගින් කෙටි පණිවිඩ සේවාවක් පමණක් නොව කුඩා ප්‍රමාණයේ බ්ලොග් ලිවීමටත් අවස්ථාවක් ඇත. ටුවිටර් හි වාර්ෂික ආදායම මිලියන 400 ඉක්මවයි.ටුවිටර් හි නිර්මාතෘ ජැක් ඩෝසි වුවද වර්තමාන හිමිකාරිත්වය පවතින්නේ ඊලොන් මස්ක් හටය.

ඔහු ටුවිටර් හා එක් වන්නේ 2009 වර්ෂයේදීය. ඇතැම් අවස්ථා වල තමාවම කරදරයට පත් කර ගන්නා ටුවීට් එහි පළ කරන අතර එසේ නීතීමය ක්‍රියාමාර්ගයන්ටද හසු වූ අවස්ථා තිබේ.ඊලොන් මස්ක් ටුවිටර් මිලදී ගැනීමට පෙර සිටම පරිශීලකයන් අතර ඔහුගේ ටුවීට් ආන්දෝලනයට තුඩු දුන් ඒවා විය. ඊලොන් මස්ක් ඩොලර් මිලියන 44 ක මුදලකට ටුවිටර් අත්පත් කර ගැනීම මතභේදාත්මක වීමට හේතු වූයේ එතෙක් කල් ඔහු ටුවිටර් හි හැසිරුණු ආකාරයයි.

ලොව ප්‍රධානම ධනපතියා ඊලොන් මස්ක් සමාජ මාධ්‍ය තුළ දැවැන්ත බලපෑම්‍කාරී වේදිකාවක් වන ටුවිටර් මිලට ගැනීමෙන් පසු ඔහුට අවශ්‍ය ආකාරයට සිය ආයතනය මෙහෙයවීමට කටයුතු කරමින් සිටී. ඔහු සමාගම මිලදී ගත් වහාම, එහි ප්‍රධාන පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු සේවයෙන් නෙරපා හැර ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඉන්දියානු සම්භවයක් ඇති ප්‍රධාන විධායක නිලධාරී පරාග් අග්‍රවාල් ද ඊට ඇතුළත්. ට්විටර් සමාගම මිලදී ගැනීමේ ගනුදෙනුව මඟ හැරීමට ඊලෝන් මස්ක් වරක් උත්සහ කළ ද එම සමාගම නඩු මාර්ගයට පිවිසීමෙන් අනතුරුව, ඔහු නැවතත් එම සමාගම මිලදී ගැනීමට කටයුතු කළා. සඳහන් කරන්නේ, ට්විටර් සමාගම මිලදී ගැනීමේ අරමුණ ලාබ ඉපයීම නොවන බවයි.

පසුගිය ජනවාරි මාසයේ සිටම ඊලොන් මස්ක් ට්විටර්හි කොටස් මිලදී ගනු ලැබූ අතර අප්‍රේල් මාසයේදී, ඔහු එහි විශාලතම කොටස් හිමියා බවට පත් විය. අප්‍රේල් මස අවසානයේ සමාගම ඩොලර් බිලියන 44 කට මිලදී ගැනීමට ගිවිසුමකට එළඹෙන්නට විය. කෙසේ නමුත් මැයි මස වන විට ට්විටර් ප්‍රකාශ කළ ප්‍රමාණයට වඩා ව්‍යාජ ගිණුම් පවතින බවට ප්‍රකාශ කරමින් මිලදී ගැනීම පිළිබඳ ඔහුගේ අදහස වෙනස් කිරීමට පටන් ගත්තේය.මේ සමඟ ට්විටර් සමාගම ඊලොන් මස්ක් නීත්‍යානුකූලව මේ සම්බන්ධයෙන් බැඳී ඇති බව ප්‍රකාශ කරමින් ගනුදෙනුව සඳහා තබා ගැනීමට නඩුවක් ගොනු කළේය. නීතිමය ගැටුම් වලින් අනතරුව ඔක්තෝම්බර් මාසය වන විට මස්ක් අවසානයේ ට්විටර් පවරා ගනු ලැබීය.

මේ සම්බන්ධයෙන් ඊලොන් මස්ක් ප්‍රකාශ කර තිබුණේ මනුෂ්‍යත්වයට උපකාර කිරීම වෙනුවෙන් තමා ටුවිටර් සමාජ මාධ්‍ය වේදිකාව මිලදී ගත් බවයි. එමෙන්ම ඊලෝන් මස්ක් දිගින් දිගටම පවසන්නේ තමන් විසින් පුද්ගලයන්ගේ නිදහසේ අදහස් දැක්වීමට ඇති අයිතිය ආරක්ෂා කරන බවයි. අනාගතයේදීත් තවදුරටත් සෙසු මාධ්‍ය අභිබවමින් ඊලෝන් මස්ගේ ටුවිටර් මාධ්‍යට සමාජ ජාල වේදිකාව තුළ ඉඩකඩ හිමි වේද යන්න විමසිල්ලෙන් බලා සිටිමු.

දිල්කි රත්නායක.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required