/
/
title icon
දුම්රිය වෘත්තීය සමිතිවලින් අනතුරු ඇඟවීමක් – අදත් ගමන්වාර 59 ක් අවලංගුයි.
දුම්රිය වෘත්තීය සමිතිවලින් අනතුරු ඇඟවීමක් – අදත් ගමන්වාර 59 ක් අවලංගුයි.
News Editor
3 years ago
Share:
දුම්රිය වෘත්තීය සමිතිවලින් අනතුරු ඇඟවීමක් – අදත් ගමන්වාර 59 ක් අවලංගුයි.

2013 වර්ෂයෙන් පසු බඳවාගත් නව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පත්වීම් ස්ථිර නොකිරීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් ලබන 9 වනදා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සංකේත වර්ජනයක් කිරීමට සූදානම් වනවා.

එමෙන්ම, හෙටින් ආරම්භ වන සතියේ සිට දුම්රිය ගමන්වාර රැසක් අවලංගු විය හැකි බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ.

අද දිනයේද දුම්රිය ගමන්වාර 59 ක් අවලංගු වූ බව සඳහන් කළ ඔහු ප්‍රකාශ කළේ මගී දුම්රිය 48 හා බඩු දුම්රිය 11 ක් ඒ අතර වූ බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required