මේ වසර තුළ රටේ උද්ධමනය සහ පොලී අනුපාත පාලනය කර ආර්ථිකය සාමාන්‍ය තත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ නව වසරේ ආශිර්වාද ලබාගැනීමට මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙහිදී මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනතාව මත පැටවී ඇති ආර්ථික පීඩනය මේ වසර තුළ යම් මට්ටමකට සමනය කිරීමට හැකිවනු ඇති බවයි.