/
/
title icon
නිදහස් පක්ෂ පිංකමට හිටපු ජනපති මහින්දත් කතරගමට.
නිදහස් පක්ෂ පිංකමට හිටපු ජනපති මහින්දත් කතරගමට.
News Editor
3 years ago
Share:
නිදහස් පක්ෂ පිංකමට හිටපු ජනපති මහින්දත් කතරගමට.

රටට සහ පක්ෂයට සෙත් පතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාර්ෂිකව පවත්වන පිරිත් පිංකම ඊයේ කතරගම කිරිවෙහෙර පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා.

ඊට සමගාමීව ඊයේ රාත්‍රියේ පැවති ආලෝක පූජාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද එක්ව සිටීම විශේෂත්වයක්.

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ අමාත්‍ය ධූර හොබවන මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, ජගත් පුෂ්පකුමාර, සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක ඇතුළු පිරිසක් ඊට එක්ව සිටි අතර, නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායකද ඊට එක්වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required