රුපියල් මිලියන 500 කට වැඩි වටිනාකමකින් යුත් රාජ්‍ය ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේදී භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවෙන් පූර්ණ එකඟතාවක් ගත යුතු බවට නව කොන්දේසියක් පනවා තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,් රුවන්වැල්ල ප‍්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.
රජයේ ආයතන විවිධ උත්සව සඳහා කරන වියදම් නතර කරන ලෙසට මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් නව චක‍්‍රලේඛයක් නිකුත් කර තිබුණා.