ඉදිරි අනාගතය වාසනාවන්ත කර ගැනීමට සියලූ දෙනා සමගියෙන්, සහයෝගයෙන් කටයුතු කරන්නේ නම් පවතින අර්බුද සමනය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අස්ගිරි පාර්ශවයේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඤාණරතන හිමියන් පවසනවා. නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
මේ අතර, නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇති බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා. නව වසරේ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ රටේ ආර්ථික කඩා වැටීම හමුවේ බහුතරයක් අත්විඳින ලද පසුබෑම පිළිබඳව මනා වැටහීමක් තමන් සතු බවයි.
දැනටමත් එම අයහපත් කාලය පසුකර ඇති බව සඳහන් කරන ජනාධිපතිවරයා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප‍්‍රතිසංස්කරණ කඩිනමින් කි‍්‍රයාත්මක කළ යුතු බව එහි සඳහන් කර තිබෙනවා. ඉවසීමෙන් සහ ධෛර්යයෙන් බලා සිටි සියලූ ශ්‍රී ලාංකික ජනතාවට ස්තූති වන බවයි ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ එම පණිවුඩයෙන් වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස නව වසර වෙනුවෙන් සුභාශිංෂන පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ රට අලූත් මාවතකට ගෙන යා හැකි සහ ගෙන යා යුතු වැඩපිලිවෙලක් පිළිබඳව අලූතින් සිතා බැලිය යුතු බවයි. තවදුරටත් රටේ ජනතාවට අසාර්ථක පාලනයක පීඩාව අත්විඳිය නොහැකි බව ප‍්‍රකාශ කරන විපක්ෂ නායකවරයා රටේ ගාමක බලය ජනතා පරමාධිපත්‍ය බවද එහි සිහිපත් කර තිබෙනවා.