/
/
title icon ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය කලාව.
ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය කලාව.
Editor
1 year ago
Share:
ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය කලාව.

ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය කලාව ආරම්භ වන්නේ 1982 වසරේදීය. ඒ “දිමුතු මුතු” ටෙලිනාට්‍ය හරහාය. එසේ ඇරඹි ටෙලිනාට්‍ය කලාව වර්තමානයේ සෑම නාලිකාවක්ම ටෙලිනාට්‍ය මගින් ප්‍රේක්ෂකයන් වසගහයට ගෙන හමාරය.ආරම්භක අවස්ථාවේ උසස් හා ගුණාත්මක භවින් යුත් ටෙලිනාට්‍ය ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය වූ බව කිව යුතුයි. නමුත් කාලයත් සමග මෙයද ලාභ ලැබීමේ අරමුණින් පමණක් ක්‍රියාත්මක වන හුදු ව්‍යාපාරයක් පමණක් බවට පත් වී තිබේ.
විශේෂයෙන්ම අද ටෙලිනාට්‍ය ගත් කල එය වෙළද භාණ්ඩයක් වී හමාරය. රූපවාහිනී නාලිකා තරගයට මෙන් ටෙලිනාට්‍ය විකාශනය කරනු ලබන්නේම වෙළද දැන්වීම් ප්‍රචාරය කරන අතරතුරය. ටෙලිනාට්‍ය විකාශනය වන වෙලාවට වඩා වැඩි වෙලාවක් ඒ අතරතුර වෙළද දැන්වීම් විකාශනය වේ.

ලංකාවේ ප්‍රසිද්ධ යැයි කියා ගන්නා බොහොමයක් නාලිකා ඉන්දියානු , කොරියානු ටෙලි කතා වලට සිර වී සිටිති. එයින් ලාංකිකයන්ගේ ජන විඥානය පෝෂණය වන්නේ නැත.නමුත් එයින් මිදී කලාවේ නව සංකල්ප,මානුෂීය හැගීම් වල වටිනාකම ප්‍රේක්ෂකයාට අවබෝධ කර දෙන නිර්මාණද බිහි වන බව කිව යුතුමය. විශේෂයෙන්ම එවැනි ටෙලිනාට්‍ය පිළිබඳ සමාජ ජාල මාධ්‍ය තුළ අතිශය කතා බහට හා ප්‍රසිද්ධියට ලක් වීම නිසා එම ටෙලි නිර්මාණ ජනප්‍රිය වීමටද හේතුවක් වී තිබේ යැයි උපකල්පනය කළ හැක. මේ නිසා මේ වන විට නැවතත් ලංකාවේ වෙනස්ම රසයක නිර්මාණ බිහි වෙමින් පවතී.එම නිසාම ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය කලාව ගැන සුබවාදී බලාපොරොත්තු තබා ගත හැකි බවත් සතුටට කරුණකි.

දිල්කි රත්නායක.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required