/
/
title icon හිමාලය කඳු වැටිය.
හිමාලය කඳු වැටිය.
Editor
1 year ago
Share:
හිමාලය කඳු වැටිය.

හිමාලය කඳු වැටිය යනු ඉන්දියානු උප මහාද්වීපයත් ටිබෙට් සානුවත් වෙන් කරමින් ආසියාවේ පිහිටි කඳු පංතියකි. මෙම හිමාලය කදු වැටිය අයත් රටවල් ලෙස ඉන්දියාව, භූතානය, චීන මහජන සමූහාණ්ඩුව, නේපාලය, පාකිස්තානය, බුරුමය, ඇෆ්ගනිස්ථනය ලෙස හදුනාගත හැකිය. කෙසේ වෙතත් මෙහි උසම ස්ථානය ලෙස හදුන්වනු ලබන්නේ එවරස්ට් කන්ද වේ. එහි උස 8,848 මී (29,029 අඩි) පමණ වනු ඇත. හිමාල කඳුවැටියේ මුළු දිග කිලෝමීටර් 2400 ක් වන අතර ඉන්දු ගඟේ නැගෙනහිර සිට බටහිරට දිව යයි. එය මධ්‍යම-නැගෙනහිර ආසියාවේ සියලුම රටවල් හරහා ගොස් බ්‍රහ්මපුත්‍රයෙන් අවසන් වේ. එහි උපරිම පළල කි.මී. 260 කි.

ගංගා, ඉන්දු, බ්‍රහ්මපුත්‍ර, යැංසි, කහ ගග වැනි ලොව ප්‍රධානතම ගංගා ආරම්භ වන්නේද හිමාලය කඳුවැටියෙන් වේ. එමෙන්ම චීනය, ඉන්දියාව ඇතුළු ඒ ආශ්‍රිත රටවල් ගණනාවක බිලියන 3ට වැඩි පිරිසක් ජීවත් වන්නේ මෙම ගංගා ආශ්‍රිතව වේ. තව ද හිමාලය කදුකරයෙ මොන්ගොලොයිඩ් ජන වර්ගයට අයත් බුටියා, කසා, දරඩ්, ලෙප්ව, ෂෙර්පා යන ජන කොටස් ජිවත් වෙයි.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ලොව ඇති උසම කඳු මුදුන් පහ ද පිහිටා තිබිමයි. එවරස්ට්, කාන්චෙන්ජුන්ගා, ලහන්සේ සහ මකාලූ වැනි කඳු මුදුන් ද මෙහි පිහිටා ඇත. මේවා පිළිවෙලින් ලොව පළමු, දෙවැනි, තෙවැනි, සිව්වන කඳු මුදුන් වෙයි. මෙවැනි බොහෝ කරුණු කාරණා නිසා මෙම හිමාලය කඳු වැටිය ලොවට විශාල වටිනාකමක් එක් කරනු ඇත.

එසේම ලොව විවිධ පුද්ගලයින් මෙම කන්ද තරණය කිරීමට ද කටයුතු කර තිබේ. කෙසේ වෙතත් එය ඉතාමත් බිහිසුණු අත්දැකීමක් වනු නොවනුමනය. එවරස්ට් තරණය කල පළමු පුද්ගලයා වන්නේ නවසීලන්ත ජාතික එඩ්මන්ඩ් හිලරි ය. කාන්චෙන්ජුන්ගා කඳු මුදුන ප්‍රථම වරට තරණය කොට ඇත්තේ 1955 දී ඉංග්‍රීසි ජාතික චාල්ස් එවන්ස් විසිනුයි. වර්ෂ 1956 දී ස්විස් ජාතික ත්‍රිමාස් ලුවිසින්ගර් සහ අර්නස්ටිරිස් යන දෙදෙනා විසින් ලහන්සේ කඳු මුදුන ප්‍රථම වරට තරණය කොට ඇත.

ඉහළ පාරිසරික වටිනාකම් සහිත කඳු ග්ලැසියර ගණනාවක් ද මෙහි පිහිටා ඇත. මෙම ස්වාභාවික පරිසරය ශාක හා සත්ව යන දෙවර්ගයේම ඇදහිය නොහැකි විවිධත්වයකින් යුක්ත වනු ඇත. මන්ද සොබාදහම සඳහා වන ලෝක ව්‍යාප්ත අරමුදල (WWF) සියළුම විශේෂයන් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර ඇති අතර එමඟින් ලැයිස්තුවක් සකස් කර ඇත. ක්ෂීරපායින් 200 ක්, ශාක වර්ග 10.000 කට වැඩි ප්‍රමාණයක් සහ පක්ෂි විශේෂ 977 ක් මෙහි ඇති බවට එමගින් කිය වෙයි. මෙය අගය කළ යුතු ධනයකි, මන්ද අද වන විට ශාක හා සත්ව යන දෙඅංශයේම විවිධත්වයක් ඇති ස්ථාන ස්වල්පයක් තිබීම හේතුවෙනි.

කෙසේ වෙතත් මෙය පෘතුවියේ හදවත බදු කඳු පන්තියකි. මෙය ශාක, සත්ත්ව ගණනාවකට අවශ්‍ය ප්‍රාණය සපයයි.

භාග්‍යා බණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required