/
/
title icon රැකියා විරහිත තරුණ පරපුර.
රැකියා විරහිත තරුණ පරපුර.
Editor
1 year ago
Share:
රැකියා විරහිත තරුණ පරපුර.

රැකියා විරහිත තරුණ පරම්පරාව
රටක ජීවනාලිය වන්නේ එරටේ තරුණ පරම්පරාවයි. රටේ තරුණ පරපුර උගත් බුද්ධිමත් පිරිසක් වූ විට එහි අනාගතය සුබ වනු ඇත.
ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල තාරුණ්‍ය ඉදිරියෙන් සිටිය යුතුමය. ලංකාවේ වර්තමානය වන විට සිටින තරුණ තරුණියන් වැඩි පිරිසක්ම උගතුන් ය.

නමුත් ලංකාව අද වන විට අත් විදින ගැටලුවක් වන්නේ කෙතරම් උගතුන් සිටිය ද ඔවුනට සුදුසු රැකියා නොමැති වීමයි. විශේෂයෙන්ම වර්තමානයේ පාසල් අධ්‍යාපනය හමාර කර එතනින් නොනැවතී උසස් අධ්‍යාපනය වෙත යොමු වීම බොහෝ දෙනා සිදු කරන්නකි.

නමුත් විශ්වවිද්‍යාල උපාධිය පවා අවසන් කළ සිසුන් රැකියා විරහිතව සිටීම කණගාටුවට කරුණකි. එමෙන්ම අධ්‍යාපන සුදුසුකම් පමණක් නොව වෙනත් කුසලතා සහිත තරුණ සම්පත ද ශ්‍රී ලංකාව සතුය. නමුත් ඔවුනගේ හැකියාවට දක්ෂතාවයට මෙරටෙහි ඉඩක් ලැබෙන්නේ නැත.

ශ්‍රී ලංකාවේ බුද්ධි ගලනය හා ශ්‍රම ගලනයක් සිදු වීමට ප්‍රධානම හේතුව වන්නේ ද මෙම රැකියා විරහිත බවයි.
රැකියා විරහිතව වර්තමාන තරුණ පරම්පරාව මානසික ආතතියන්ට පවා ලක් වූ අවස්ථාවන් වර්තමානයේ මාධ්‍ය මගින් වුවද වැඩි වශයෙන් කතා බහට ලක් වේ. රැකියා විරහිත භාවය නිසා සියදිවි නසා ගැනීමටද වර්තමාන තාරණ්‍ය දෙවරක් සිතා බලන්නේ නැත.තවද සමාජ ජාල වල ” රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ” ආදී ලෙස විවිධ සමූහ පවා ගොඩ නගා ගෙන තිබේ.

නමුත් මෙම ගැටලුවට විසදුම් නම් පෙනෙන තෙක් මානයේ නොමැත. රැකියා විරහිත තරුණ පරම්පාරවට දිනෙන් දිනම අලුතින් පිරිසක් එකතු වනවා විනා මේ සදහා විසදුම් ක්‍රියාත්මක කරන ආකාරයක් දක්නට නොලැබේ.

ආසියානු කලාපයේ ඉහළම සාක්ෂරතාවය සහිත රට වුවත් දශක ගණනාවක් තිස්සේ විරැකියාවෙන් පෙළෙන තරුණ පරම්පාරවක් සහිත සමාජයක් යනු සැබැවින්ම එය සංවර්ධනය නොවූ රටකි.

එබැවින් ලෝකයේ සෙසු රටවල් මෙන් ශ්‍රී ලංකාව තුළද තාරුණ්‍යයේ සුදුසුකම් වලට සරිලන රැකියා සදහා යොමු විය හැකි වටපිටාවක් අද හෙටම නිර්මාණය විය යුතුය.
රටේ ඉදිරි අනාගතය භාර ගැනීමට සූදානම්ව සිටින තරුණ පරපුරේ අනාගතය අදුරේ ගිලෙන්නට තැබීමෙන් සිදු වන්නේ සමස්ත ශ්‍රී ලංකාවම විනාශ මුඛයට ඇද වැටෙන බවයි.

දිල්කි රත්නායක.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required