/
/
title icon
තංගල්ලේ යුවල දිවි නසා ගැනීමට හේතුව උප්පැන්නයක්.
තංගල්ලේ යුවල දිවි නසා ගැනීමට හේතුව උප්පැන්නයක්.
Editor
2 years ago
Share:
තංගල්ලේ යුවල දිවි නසා ගැනීමට හේතුව උප්පැන්නයක්.

තංගල්ල – මැදකැටිය ප‍්‍රදේශයේ හෝටලයක් තුළ තරුණ යුවලක් මියයෑමේ සිද්ධිය සියදිවි හානිකර ගැනීමක් බවට පශ්චාත් මරණ පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා. අදාළ හෝටලයේ කාමරයක් තුළ තිබී මෙම මළ සිරුරු ඊයේ සොයාගනු ලැබුවා.

මෙලෙස මියගොස් තිබුණේ අවුරුදු 22ක් වයසැති තංගල්ල ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකු සහ අම්බලන්තොට ප‍්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණියක්.

අදාළ තරුණයා එම හෝටලයේම සේවය කර ඇති අතර ඔහු පෙරේදා රාත්‍රියේ මෙම තරුණිය සමඟ හෝටලයට පැමිණ අදාළ කාමරයේ රැදී සිට තිබෙනවා. මියගිය තරුණිය සමඟ ඔහු ප්‍රේම සබදතාවක් පවත්වා ඇති අතර මියයාමට පෙර ඔවුන් දෙදෙනා ලියන ලද ලිපියක් ද කාමරය තුළ තිබී සොයා ගැනුණා.

එහි දක්වා ඇත්තේ, තරුණයාට උප්පැන්න සහතිකයක් නොමැති වීම නිසා විවාහයට බාධා පැවතීම මත දෙදෙනාගේ කැමැත්තෙන් සියදිවි හානි කරගන්නා බවයි.

පොලිසිය සඳහන් කළේ, තරුණිය සහ තරුණයා ගෙල වැලලාගෙන සිය දිවි හානිකරගන්නා අයුරු සී.සී.ටී.වී කැමරාවක සටහන්ව ඇති බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිරුරු ඥාතීන් වෙත භාරදී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required