/
/
title icon ටික් ටොක් තාරුණ්‍ය.
ටික් ටොක් තාරුණ්‍ය.
Editor
1 year ago
Share:
ටික් ටොක් තාරුණ්‍ය.

ටික් ටොක් කියලා වර්තමානයේ අතිශය ජනප්‍රිය සමාජ මාධ්‍යක්. මේ පිළිබඳව නොදන්නා කෙනෙකු නොමැති තරම් ය. වර්තමානයේ වැඩිහිටි පරම්පරාව පවා ටික් ටොක් මාධ්‍ය පරිශීලනය කිරීමට හුරු වී සිටියි. ඒ අනුව ටික් ටොක් යනු හරි අපූරූ සමාජ මාධ්‍යයකි.

මෙය ආරම්භ වන්නේ 2016 වර්ෂයේ. මෙය හදුන්වා දෙන්නේ ෂැංග්‍මින් නැමැත්තාය. චීනයෙන් ආරම්භ වුණු ටික් ටොක් ඇප් එක අද වෙද්දි ලෝකයේම තරුණ තරුණියන් අතර වඩාත්ම ජනප්‍රිය වේ. තත්පර කිහිපයක හෝ විනාඩි කිහිපයක ඉතාම කුඩා කාලයකට අනුරූප සංගීතයක් සමග අදාළ චලන දැක්වීම මෙහි සාමාන්‍ය ක්‍රියාවලියයි.

මෙයද අනිකුත් සමාජ ජාලා මෙන්ම වීඩියෝ නරඹන්නන්ට පහසුවෙන් තමන් කැමති රියැක්ෂන් ලබා දීමේ පහසුකමද ඇත.
ටික් ටොක් ආරම්ක කාල වකවානුවේදී හාස්‍ය, කුතුහලය උදෙසා භාවිතා කරනු ලැබුවද වර්තමාය වන විට වෙනත් දිශානතියකට මෙය ගමන් කරමින් පවතී.නමුත් මෙමගින් හොද අන්තර්ගතයක් ලබා දෙන තත්වයකට අද වන විට මෙම මාධ්‍ය පත්ව තිබේ.තරුණ තරුණයින් ඉක්මවා යමින් සමාජයේ සෙසු පිරිසද ටික් ටොක් මාධ්‍ය අනුමත කරන්නේ එනිසාය.

එනම් අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර ප්‍රධානම ප්‍රචාරණ මාධ්‍ය ලෙස අද වන විට ටික් ටොක් භාවිතා කරනු ලැබේ. විශේෂයෙන්ම යූ ටියුබ් , ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි තුළද අද හුවමාරු වන්නේ ටික් ටොක් ඔස්සේ කරන ලද වීඩියෝ පටයි.

එමෙන්ම අනෙකුත් සමාජ ජාලා මාධ්‍ය අතරින් මෙය සුවිශේෂී වීමට බලපාන තවත් කරුණක් වන්නේ ෆේස්බුක් මාධ්‍ය මෙන් වෙළද දැන්වීම් මගින්ද ටික් ටොක් හරහා ද මුදල් ඉපයිය හැකි වීමයි.
ඒ අනුව ටික් ටොක් සමාජ මාධ්‍ය වූ කලී හාස්‍ය,මිතුරන් සමග සබදතා පැවැත්වීම යනාදී කාරණා වලින් ඔබ්බට ගිය ප්‍රයෝජනවත් දේ සදහා භාවිතා කළ හැකි මාධ්‍යයක් බවට පත්ව තිබේ.

දිල්කි රත්නායක.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required