/
/
title icon රූපවාහිනිය අලෙවි භාණ්ඩයක්ද ?
රූපවාහිනිය අලෙවි භාණ්ඩයක්ද ?
Editor
1 year ago
Share:
රූපවාහිනිය අලෙවි භාණ්ඩයක්ද ?

තරගකාරී ව්‍යාපාර ලෝකයේ භාණ්ඩ හා සේවා අලෙවි කිරීමේදී පාරිභෝගිකයා ආකර්ෂණ කර ගැනීම සදහා යොදා ගන්නා උපාය මාර්ගයක් ලෙස අලෙවිකරණය දැක්විය හැකිය. ඒ අනුව පාරිභෝගිකයා වෙත නිෂ්පාදන ලගා කර දීමේදී ව්‍යාපාරික ආයතන අලෙවිකරණ සංකල්පය බහුලව භාවිතය ගනු ලබයි.

වර්තමානය වන විටත් රූපවාහිනී මාධ්‍ය වෙත සමාජයේ තිබෙන නැඹුරුව අඩු වී නොමැත. ප්‍රේක්ෂකයින් වෙළද දැන්වීම් දකිනුයේ රූපවාහිනී මාධ්‍ය හරහාය. ඒ අනුව තව දුරටත් භාණ්ඩ හා සේවා අලෙවි කිරීමේදී හොදම ප්‍රචාරණ මාධ්‍ය බවට පත්ව ඇත්තේ රූපවාහිනියයි.ත් රූපවාහිනී මාධ්‍ය වෙත සමාජයේ තිබෙන නැඹුරුව අඩු වී නොමැත. ප්‍රේක්ෂකයින් වෙළද දැන්වීම් දකිනුයේ රූපවාහිනී මාධ්‍ය හරහාය. ඒ අනුව තව දුරටත් භාණ්ඩ හා සේවා අලෙවි කිරීමේදී හොදම ප්‍රචාරණ මාධ්‍ය බවට පත්ව ඇත්තේ රූපවාහිනියයි.
ඒ අනුව වෙළද දැන්වීම් රූපවාහිනී මාධ්‍යයේ ප්‍රධානම මුදල් උපයන සාධකය බවට පත් වී හමාරය. ගෝලීය බහුජාතික සමාගම් අලෙවිකරණය සදහා රූපවාහිනිය හරහා දැන්වීම් ප්‍රචාරණය කරනු ලබයි.
ඒ අනුව අලෙවිකරණ ආයතන විසින් විවිධ වයස්, සමාජ , අධ්‍යාපන මට්ටම් වල සිටින පාරිභෝගික කණ්ඩායම් ඉලක්ක කරමින් වෙළද දැන්වීම් ඇතුළු විවිධ උපක්‍රම හරහා රූපවාහිනී මාධ්‍ය හරහා තව දුරටත් ප්‍රචාරණ කටයුතු සිදු කරනු ලැබේ.

රූපවාහිනිය ඔස්සේ අලෙවිකරණ ක්‍රියාවලිය සිදු කිරීමේදී රූපවාහිනී වැඩසටහන් , ටෙලිනාට්‍ය අතරතුර පාරිභෝගික මනස ග්‍රහණය කරනු ලබයි. මෙහිදී භාණ්ඩ හා සේවා අලෙවි කිරීමට පමණක් නොව පුද්ගල ප්‍රතිරූපය ගොඩ නගා ගැනීමට පවා රූපවාහිනිය ඔස්සේ අලෙවිකරණ ක්‍රියාවලිය සිදු කරනු ලබයි. විශේෂයෙන්ම දේශපාලන ක්‍රියාවලිය තුළදී මෙය බහුලව දක්නට ලැබේ.

විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍ය ඇතුළු සාම්ප්‍රදායික මාධ්‍ය වලට වඩා පාරිභෝගිකයා පහසුවෙන්ම පොළඹවා ගත හැකි මාධ්‍ය වන්නේ රූපවාහිනී මාධ්‍යයයි.
භාණ්ඩ හා සේවා සදහා ජනප්‍රියතාවය වැඩි වශයෙන්ම ලබා දීමට රූපවාහිනී අලෙවිකරණයට හැකියාව තිබේ.
ඒ අනුව අලෙවිකරණයේ ප්‍රධානම අරමුණු වන පාරිභෝගිකයා දැනුවත් කිරීම, පෙළඹවීමක් ඇති කිරීමේ දී රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විශාල වෙළදපොලක් ආවරණය කරගත හැකි වීම මෙහි ඇති සුවිශේෂීත්වයයි.

දිල්කි රත්නායක.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required