
උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන 17 වන දා දක්වා කාලයේ දී විදුලි කප්පාදුවකට මුහුණ පෑමට සිදුවුවහොත් ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එම කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ මෙම පැමිණිලි ලිඛිතව ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව 077 5 687 387 යන අංකයට වට්සැප් මගින් හෝ 011 2 392 641 දුරකතන අංකයට ෆැක්ස් මගින් පැමිණිලි සිදුකළ හැකියි.
මීට අමතරව [email protected] යන විද්‍යුත් තැපැල ඔස්සේ ද පැමිණිලි යොමු කර හැකි බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.