/
/
title icon
පාකිස්තානයේ පල්ලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් 61 ක් මරුට.
පාකිස්තානයේ පල්ලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් 61 ක් මරුට.
Editor
2 years ago
Share:
පාකිස්තානයේ පල්ලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් 61 ක් මරුට.

පාකිස්තානයේ පෙශාවර් නගරයේ මුස්ලිම් පල්ලියක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම තවත් 150 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යාඥා මෙහෙයකට එක්ව සිටි පොලිස් නිලධාරින් ඉලක්ක කර මෙම පිපිරීම සිදුකර තිබෙනවා. මියගිය පිරිසෙන් වැඩි පිරිසක් පොලිස් නිලධාරින් වන අතර පල්ලියේ ඉදිරි පේලියේ අසුන්ගෙන සිටි පුද්ගලයෙකු මරාගෙන මැරෙන පිපිරීම සිදුකර ඇති බවටයි සැකකරන්නේ. පිපිරීමත් සමඟ පල්ලියේ කොටසක් කඩා වැටී ඇති අතර සුන්බුන්වලට යටවී සිටින පිරිස් බේරාගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

පොලිස් මූලස්ථානය පිහිටි අධි ආරක්ෂාවක් පවතින මෙම ප‍්‍රදේශයට බෝම්බකරුවන් ඇතුළු වූයේ කෙසේද යන්න මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required