
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ඊයේ පස්වරු 4ට කොස්ගම දක්වා ධාවනය වූ දුම්රියෙහි රියදුරුට කිරුළපන දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කිරීමට අමතක වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මේ හේතුවෙන් කිරුලපන දුම්රිය ස්ථානයෙන් බැසීමට නියමිතව සිටි මගීන්ට නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් බැසීමට සිදුවූ අතර ඇතැම් මගීන් එහිදී නොසන්සුන්කාරී ලෙස හැසිරුණු බවයි වාර්තා වන්නේ.