
දුම්රිය රියදුරු සහයකයන්ගේ හිඟය හේතුවෙන් දින 3ක කාලයක් ඇතුළත දුම්රිය ගමන් වාර 123 ක් අවලංගු කළ බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.
ඒ අනුව පසුගිය මස 28 වන දින මගී දුම්රිය 27 ක් සහ ඉන්ධන හා භාණ්ඩ ප‍්‍රවාහන දුම්රිය 9 ද ඇතුළුව ගමන්වාර 36 ක් අවලංගු වී තිබෙනවා.
එමෙන්ම, පසුගිය 29 වැනිදා මගී දුම්රිය 29 ක් සහ ඉන්ධන හා භාණ්ඩ ප‍්‍රවාහන දුම්රිය 15 ද ඇතුලූවගමන් වාර 44 ක් ද, පසුගිය 30 වනදා මගී දුම්රිය 36 ක් සහ ඉන්ධන සහ භාණ්ඩ ප‍්‍රවාහන දුම්රිය 12 ක් ඇතුළුව ගමන් වාර 43 ක් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.