/
/
title icon
පොහොට්ටුවේ ආසන සංවිධායකවරුන් අද කොළඹට.
පොහොට්ටුවේ ආසන සංවිධායකවරුන් අද කොළඹට.
News Editor
3 years ago
Share:
පොහොට්ටුවේ ආසන සංවිධායකවරුන් අද කොළඹට.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලූම ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවා තිබෙනවා.

ඒ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ප‍්‍රචාරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

එය නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පෙරවරුවේ පැවැත්වෙන්නේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන්.

එසේම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එහි හවුල්කාර පක්ෂ අතර සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා.

මේ අතර, තැපැල් ඡන්දය විමසීම මේ මාසයේ 03 වන සතියේදී සිදුවිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් නිල නිවේදනය ඉදිරි සතිය තුළ දැනුම්දෙන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required