/
/
title icon
මාතලේ උසස් පෙළ සිසුවියකගෙන් පොලිසියට අලුත් පැමිණිල්ලක්.
මාතලේ උසස් පෙළ සිසුවියකගෙන් පොලිසියට අලුත් පැමිණිල්ලක්.
News Editor
3 years ago
Share:
මාතලේ උසස් පෙළ සිසුවියකගෙන් පොලිසියට අලුත් පැමිණිල්ලක්.

මාතලේ ප‍්‍රදේශයේ ජාතික පාසලක උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියක් විභාග පරීක්ෂකවරයෙකුට එරෙහිව මාතලේ මූලස්ථාන පොලිසියට පැමිනිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

තර්ක ශාස්ත‍්‍රය ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු ලියමින් සිටි තමන්ට වැඩිපුර කොළ ඉල්ලා සිටි අවස්ථාවේ විභාග පරීක්ෂකවරු ලෙස රාජකාරියේ යෙදී සිටි ගුරුවරයෙකු ඊට දැක්වූ ප‍්‍රතිචාර නිසා තමන් කම්පනයට පත් වූ බවයි ඇය සිය පැමිණිල්ලෙන් සඳහන් කර ඇත්තේ.

පසුගිය ජනවාරි 27 වනදායි ඇය මෙම ගැටළුවට මුහුණ දී ඇත්තේ.

තර්ක ශාස්ත‍්‍රය ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු ලියමින් සිටියදී වැඩිපුර කොළ ඉල්ලීම නිසා විභාග පරික්ෂකවරයා ලෙස කටයුතු කළ ගුරුවරයා ඊට දැක්වූ ප‍්‍රතිචාර හේතුවෙන් විෂය කරුණු අමතක වී ගිය බවට මෙම සිසුවිය පොලිසියට ප‍්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවයි මාතලේ මූලස්ථාන පොලිසිය සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required