විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතයි. ඒ අනුව පස්වරු දෙකට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීම පැවැත්වෙනු ඇති.
ලබන 08 වන ආරම්භ වන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
9 වන පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය පසුගිය 27 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට වාර අවසන් කෙරුණා. ඊට අදාළ අති විශේෂ ගැසට් පත‍්‍රයේ දැක්වුණේ යළි නව සැසිවාරය ලබන පෙබරවාරි 8 වනදා උදෑසන 10 ට ආරම්භ වන බවයි.