නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් ශ්‍රී ලංකාවට ඇතුළු වී දිවයින හරහා ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල අහස අද දිනයේ වළාකුළු වලින් බරව පවතින අතර පස්වරුවේ සහ රාත්‍රි කාලයේ ප‍්‍රදේශ රැසකට ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
ඒ අනුව උතුර , උතුර මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලටත් පුත්තලම දිස්ත්‍රික්කයටත් මිලිමීටර 100ට වැඩි තද වැසි අපේක්ෂා කෙරෙනවා.