
හිටපු කථානායක කරූ ජයසූරිය වෙත ශ්‍රී ලංකාභිමාන්‍ය ජාතික සම්මානය ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අතින් අද පිරිනැමුණා. ජාතිය වෙනුවෙන් අතිවිශාල විශිෂ්ඨ සේවාවක් ඉටුකළ ශ‍්‍රී ලාංකික පුරවැසියන්ට සහ ශ‍්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත කාලය තුළ එක්වරක් පමණක් ප‍්‍රදානය කෙරෙන ශ්‍රී ලංකාභිමාන්‍ය ජාතික සම්මානය 1986 වර්ෂයේ සිට පිරිනැමීම සිදුකර තිබෙනවා.
එය මෙරටදී පිරිනැමෙන උච්චතම සම්මානය වන අතර, අද දිනයේදී කරූ ජයසූරිය වෙත එම සම්මානය පිරිනැමීමේ උත්සවය පැවැත්වුණේ කොළඹ ජනාධිපති මන්දිරයේදියි.
එම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන මෙන්ම හිටපු කථානායක චමල් රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා.