
හිටපු ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක විනෝද් කම්බ්ලි විසින් බීමතින් සිය බිරිඳට පහරදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
බන්ද්‍රා හි පිහිටි නිවසේදී මෙලෙස සිය සැමියා තමාට ඊයේ පහරදුන් බවයි ඇය පොලිසියට පැමිණිල්ලක් සිදුකරමින් ප‍්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් සැකකාර විනෝද් කම්බ්ලි අත්අඩංගුවට ගැනීමක් සිදුකර නොමැති අතර, ප‍්‍රහාරයට ලක්වූ ඔහුගේ බිරිඳ රෝහල් ගතව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත් බිරිඳ විසින් යළිත් පොලිසියට පැමිණ පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන ඇත්තේ දෙදෙනා සමථයකට පත්වීම හේතුවෙන්.