/
/
title icon
පියා, දියණිය සහ ඥාති පුත‍්‍රයා දැදුරු ඔයට බිලි.
පියා, දියණිය සහ ඥාති පුත‍්‍රයා දැදුරු ඔයට බිලි.
Editor
2 years ago
Share:
පියා, දියණිය සහ ඥාති පුත‍්‍රයා දැදුරු ඔයට බිලි.

හලාවත – දැදුරු ඔය මෝයකට ප‍්‍රදේශයේ දිය නෑමට ගිය එකම පවුලේ පියා සහ දියණිය මෙන්ම ඥාති පුත‍්‍රයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් වුණා.

මීගමුව – දල්පොත ප‍්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පියා, 6 හැවිරිදි දියණිය සහ 7 හැවිරිදි ඥාති පුත‍්‍රයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මීගමුවේ සිට පැමිණි ඔවුන් ඊයේ හලාවත – එගොඩ උයන ඥාතියෙකුගේ නිවසට පැමිණ දැදුරු ඔය හරහා බෝට්ටුවකින් මෝයකටේ දිය නෑමට පැමිණ තිබෙනවා. එහිදී ඔවුන් සැඩ පහරකට හසුවී දියේ ගිලී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මිය ගිය තුන්දෙනාට අමතරව අවුරුදු 2ක් පමණ වයසැති කුඩා දරුවෙකු සහ 36 හැවිරිදි පුද්ගලයෙකු ද දියේ ගිලීම හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර, ඊයේ පස්වරුවේ පයාගල – පැලපොල්වත්ත වෙරළ තීරයේ දියනෑමට ගිය හතරදෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 23 හැවිරිදි මස්කෙළිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required