/
/
title icon ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් අද මිහිදන් කරයි.
ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් අද මිහිදන් කරයි.
Editor
1 year ago
Share:
ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් අද මිහිදන් කරයි.

ස්වර්ගස්ථ වූ කොළඹ අගරදගුරු පදවියේ විශ‍්‍රාමික අගරදගුරු අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ දේහය අද පස්වරුවේ පැවැත්වෙන දිව්‍ය යාගයෙන් අනතුරුව භූමදානය කෙරෙනවා. කොටහේන ශාන්ත ලූසියා ආසන දෙව් මැදුරේ දී පස්වරු 3 ට දිව්‍ය යාගය පැවැත්වෙන්නේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන්.

කොළඹ අගරදරඟුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඞ් ක‍්‍රිෂාන්ත ප‍්‍රනාන්දු පියතුමන් සඳහන් කළේ ස්වර්ගස්ථ වූ අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපාණන්ගේ දේහය අද උදෑසන කොළඹ විශ්වවිද්‍යාලය වෙත රැගෙන ගිය බවයි. අනතුරුව නැවතත් උදෑසන 11 ට හිමිපාණන්ගේ දේහය කොටහේන ශාන්ත ලූසියා දෙව් මැදුර වෙත රැගෙන එනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo