/
/
title icon ව්‍යවසායකත්වයෙන් බිදක්.
ව්‍යවසායකත්වයෙන් බිදක්.
Editor
1 year ago
Share:
ව්‍යවසායකත්වයෙන් බිදක්.

වර්තමානයේ ආර්ථිකමය වශයෙන් ගොඩ නැගී ඇති සමාජය දෙස අවධානය යොමු කරනු ලබන විට ඉතා ඉක්මනින් ව්‍යවසායකයන් බිහි වන සමාජ රටාවක් ගොඩ නැගෙමින් පවතින බව මනාව ගම්‍ය වේ. මේ අතරින් සුළු ව්‍යාපාර රටාවන්ට හුරු වන සමාජ තත්වයක් ගොඩ නැගී ඇත. ජපානය , ඇමරිකාව වැනි රාජ්‍යන් මෙම සුළු ව්‍යවසායකත්වයට නැඹුරුතාවක් පවතින බවට වාර්තා වී ඇත.

ව්‍යවසායකත්ව කාර්යේදී ව්‍යවසායකයා එහි මුල් පුරුක වේ. ව්‍යවසායකත්වය යමු ව්‍යාපාරික අවස්ථා හදුනා ගැනීම පිණිස විමසිලිමත්ව සිටිමින් අවධානම භාරගෙන නිර්මාණශීලීව,නවෝත්පාදන ඔස්සේ බාධක,අභියෝග පැමිණියද දැඩි කැපවීමෙන් සාර්ථකත්වය වෙත ගමන් කිරීමේ මනෝභාවයයි.

ව්‍යවසායකත්වය ආයතනයක් තුළ මෙන්ම ඉන් පිටතද ලාභ ලබන හෝ නොලබන තත්වයකි. ව්‍යවසායකත්වයේදී නවෝත්පාදනය ( Inovation) ,නිර්මාණශීලීත්වය ( creativty ) , අවධානම් භාර ගැනීම ( risk taking ) යන කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

වාණිජ සමාජය තුළ මේ වන විටත් පවත්නා භාණ්ඩ හා සේවා පිළිබඳ අධ්‍යනය කිරීම, වාණිජ සමාජයතුළ නව නිෂ්පාදන හා සේවා සදහා ඇති ඉඩකඩ හදුනා ගැනීම, ප්‍රායෝගික සමාජය තුළ ගොඩ නැගෙන නව අවශ්‍යතා හදුනා ගැනීම, නව නිෂ්පාදනයක් හෝ සෙව්වාවක් සමාජ ගත කිරීමේදී එය අලෙවි කර ගැනීම පිළිබඳව හා ලාභ ඉපයීමේ හැකියාව පිලිබද පවතින අවධානම හදුනා ගැනීම යන කරුණු මෙහිදී අතිශය වැදගත් වේ.

ව්‍යවසායකයා යනු මෙම ව්‍යවසායක අවස්ථා හදුනා ගනිමින් එම ව්‍යවසායකත්ව ක්‍රියාවලියේ නිරත වන පුද්ගලයා වේ. මොහු වර්තමානය වන වොට නිදහස් ව්‍යාපාරික ලෝකය හා ධනවාදය සමග බැදී කරන නිර්මාණාත්මක ප්‍රවේශයන් ඔස්සේ ව්‍යාපාර වර්ධනය කර ගනිමින් ලාභ ලබයි.එමෙන්ම අවධානම් කාර්යක් ඉටු කරන්නෙකි.දැඩි කැපවීම,උත්සාහය,නායකත්වය,ජය පරාජය විද දරා ගැනීමේ හකියාව ඇති පුද්ගලයෙකි.
සමාජ වටපිටාව තුළ ව්‍යවසායකත්වය හා ව්‍යවසායකයා යන කරුණු කෙරෙහි බැදී පවතින පිළිගත් මතවාද රැසක් පවතින අතර ව්‍යවසායකත්වය පිළිබඳව ගොඩ නැගී ඇති සමාජ මිථ්‍යාවන් ව්‍යවසායකයන් බොහි වීම උදෙසා අතිශය දුර්වල ලෙඩ බලපානු ලබයි.

එහිදී,
ව්‍යවසායකයා යනු උපතින්ම ව්‍යවසායකත්වය අරමුණු කර ගනිමින් බිහිවන පුද්ගලයකුය යන්න පිළිගෙන ඇත. නමුත් ව්‍යවසායකයකු ලෙස සාර්ථක වූ කුඩා කළ තම මව විසින් මග අතහැර දමා ගිය පසු අන් දෙමාපියන් යටතේ හැදී වැඩුණු ‘ෆෙඩී ෆිගර්ස්ගේ’ කුඩා කළ අන්වර්ථ නාමය වූයේ ‘ කුණු බක්කියේ ළමයායි’. උපතින්ම ඔහු ලද ව්‍යවසායකත්ව මග පෙන්වීමක් නොමැත. මොහු මේ වන විට නවෝත්පාදන බිහි කරන කෝටිපති ව්‍යාපාරිකයින් අතරින් පරිගණක අලුත් වැඩියා කිරීම්,නිෂ්පාදන හා figgers fi ජංගම දුරකථනයේ විශිෂ්ඨ නිමැවුම්කරුවෙක් වේ.

ව්‍යවසායකයක් සම්මත වූ ගති ලක්ෂණ වලින් යුක්ත බවට මත පවතින නමුත් එය බිද දැමිය හැකි මෙරට නිදර්ශනය වනුයේ ‘ ආෂ්චර්‍යා පීරිස් ජයකොඩිය’. විලාසිතා නිර්මාණකරණය ඇගේ ගමන් මගයි.
ජවසම්පන්න තාරුණ්‍ය පමණක් ව්‍යවසායකත්වය හා බැදී පවතින බවට මතයක් පවතී.නමුත් kfc හි හිමිකරු වන ‘ ඩේවිඩ් සැන්ඩර් ‘ 1890 උපත ලද නමුත් තම ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ 1952 දීය.

ව්‍යවසායකයා යනු හුදෙක් ලාබ පමණක් අරමුණු කර ගන්නා අයෙක් බවට සමාජ මත ගොඩ නැගුණද මුදල් පරමාර්ථය්ව්න් තොර වූ සමාජ සුබසාධනය අරමුණු කරගත් සමාජ ව්‍යවසායකයින් ව්‍යවසායකත්වය තුළින් හමු වේ.

වාසනාව මතම බිහිවන ව්‍යවසායකයා
ශාස්ත්‍රාලයීය හා සමාජීය පිටස්තර බවත් , සෑම විටම නව නිර්මාණකරණයේ නිරත වන්නෙකු බවත් යන විවිධ වූ මිථ්‍යා මත ගණනාවක් සමාජගතව පවතී.මෙවැනි සාම්ප්‍රදායික මිථ්‍යා මත හේතු කොට ගනිමින් නව ව්‍යවසායක අවස්ථා මෙන්ම ව්‍යවසායකයන් බිහි වීම අවධානම් තත්වයක් ගෙන ඇත.

මෙවැනි ඍණාත්මක මතවාද රටක ආර්ථිකය අඩපණ කිරීමටද හේතු වේ. නමුත් මිථ්‍යාවට අභියෝග කරනු ලබන ව්‍යවසායකයන් හමුවේ රටක ආර්ථික වර්ධනය ස්‍රීඝ්‍ර වීම නොරහසකි.

දිල්කි රත්නායක.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required