
උසස් පෙළ විභාගය පැවැත්වෙන අවස්ථාවේදී විදුලි කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සඳහා ජූලි මස 14 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. එදිනට පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම්කර ඇති විභාග කොමසාරිජනරාල්වරයාට අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසයි ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ නියෝග කළේ.
මේ අතර උසස් පෙළ විභාග පැවැත්වෙන කාලසීමාවේ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ පෙත්සම මේ මස 8 වනදා යළි සළකා බැලීමට නියමිතයි.
ඊයේ මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටියේ මෙම පෙත්සම ගොනුකාරීමට සහ පවත්වාගෙන යාමට කොමිසමේ සාමාජිකයින් බලය පැවරූ ලේඛන අධිකරණය හමුවට කැඳවන ලෙසයි. එම ලේඛන ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව පෙත්සම්කාර පාර්ශවයෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළා.