/
/
title icon
SHADES හිමිකරුගේ ඝාතනයට ඇල්ලූ අඹුසැමි යුවළ රිමාන්ඩ්.
SHADES හිමිකරුගේ ඝාතනයට ඇල්ලූ අඹුසැමි යුවළ රිමාන්ඩ්.
Editor
2 years ago
Share:
SHADES හිමිකරුගේ ඝාතනයට ඇල්ලූ අඹුසැමි යුවළ රිමාන්ඩ්.

පැලවත්ත – එම්.ඩී.එච් පුර සිය නිවසේ නාන තටාකයේ තිබී සිරුර සොයාගත් SHADES කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ මේ මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකරුවන් ඊයේ කඩුවෙල මහේස්ත‍්‍රාත් චාමිනි විජේබණ්ඩාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හිස පිටුපසට එල්ල කළ තදබල පහරදීමක් නිසා මෙම කෝටිපති නිමි ඇදුම් ව්‍යාපාරිකයාගේ මරණය සිදුවී ඇති බව ඊයේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වුණා.

ඊයේ දිනයේදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලිසිය සඳහන් කළේ ඝාතනයට යොදාගත් මුගුරද මේ වනවිට සොයාගෙන ඇති බවයි. සැකකාර අඹුසැමි යුවළ වෙනුවෙන් කිසිදු නීතීඥවරයෙකු පෙනී සිට නොමැති අතර, මනුෂ්‍ය ඝාතනයක තොරතුරු සැඟවීමේ චෝදනාවටයි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required